ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගැනීම සඳහා නිකුත් කර ඇති රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික සුරේෂ් සලේ ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයට ගන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 28 දින දක්වා කල් දමා ඇත.
ඒ සම්බන්ධයෙන් වූ නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (නොවැම්බර් 27) එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම කල් දැමීම සිදුකර තිබේ. මීට පෙර අභියාචනාධිකරණය දැනුම් දී තිබුනේ එම පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද දින ප්‍රකාශයට පත්කරන බවයි.
පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළව සුරේෂ් සලේ මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා තිබේ.
