මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශිරාන් බාසික් තවත් දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ඊයේ (නොවැම්බර් 15) අධිකරණයෙන් අවසර ලබාගෙන තිබේ.
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 9(1) වගන්තිය ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) වගන්තිය ප්‍රකාරව මෙසේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.
මේ අතර, රැඳවුම් භාරයේ පසුවන ශිරාන් බාසික්ට අයත් බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් ඇතුළු දේපළ කිහිපයක් අත්හිටුවීමට ද පොලීසිය පියවර ගෙන ඇත.
ඒ අනුව, අදාළ දේපළ විකිණීම හෝ වෙනත් පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් පසුගිය 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දින 14ක කාලයක් සඳහා තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.
2018 වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර සැඟව සිටි ශිරාන් බාසික්, 2026 මැයි 26 වැනිදා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව, 2026 අගෝස්තු 14 වැනිදා මෙරටට පිටුවහල් කර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
