අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්මට එරෙහිව වැඩ එපා – වැ.බ. අටමස්ථානාධිපති හිමි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්මට එරෙහිව කඩාකප්පල්කාරි වැඩ නොකර එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස වැඩබලන අටමස්ථානාධිපති ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි ඉල්ලීමක් කර තිබේ.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී අද (නොවැම්බර් 16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඥානතිලක හිමි ඒ බව පවසා ඇත.

අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පත්කෙරුණු ජනාධිපති උපදේශක සභාවේ රැස්වීමක් අද බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී පවත්වා ඇති අතර ඒ සඳහා සහභාගි වූ ඥානතිලක හිමි ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වී තිබේ.

එහිදී ඥානතිලක හිමි පවසා ඇත්තේ පූජා නගරය තුළ පදිංචි ජනතාව ඉන් ඉවත් කිරීමට කිසිඳු අදහසක් හෝ සංකල්පයක් නැති බව හා පූජා භූමිය වටා වැටක් ඉදිකිරීමට වූ යෝජනාව සම්බන්ධයෙන්ද ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇතිවී තිබෙන බවයි.

Author

Leave a Reply

Related Posts