මෙරට සමාජ-දේශපාලනික කතිකාවන් තුළ ප්‍රබල බුද්ධිමය සහ කලාත්මක මැදිහත්වීමක් කළ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක අශෝක හඳගම තැබූ ෆේස්බුක් සටහනකි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), 1979 J R ජයවර්ධන ආණ්ඩුව ගෙනාවේ තාවකාලිකව. Temporary Provision එකක් විදිහට. උතුරේ නැගීගෙන එන සන්නද්ධ ව්‍යාපාරය මැඩ පවත්වන්න. ආරම්භයේදී තාවකාලික පනතක් විදිහට තිබ්බ මේ PTA එක, 1982 ඉඳලා ස්ථිර උනා. ඊට පස්සෙ ඉතින්, හිතුමතේට අත්අඩංගුවට ගැනීම්, නඩු නැතුව රඳවා තබා ගැනීම්, වදහිංසා පැමිණවීම් ආදී මෙකී නොකී හැම අනීතික කටයුත්තක්ම නීති ගරුක ලෙසට සිද්ධ වුණා. 1988 දි දෙවනි JVP කැරැල්ල උත්සන්න වෙනවාත් එක්කම PTA ආයෙත් සංශෝධනය කෙරුණා. ඒ කියන්නේ තව තද උනා. මර්ධනය කරන්න.
2009 යුද්ධය ඉවර වුණාට පස්සේ 2011 හදිසි නීති රෙගුලාසි ඉවත් කෙරුණත් PTA තවදුරටත් පැවතුණා. 2015 ආණ්ඩුව මාරු උනාට පස්සේ, PTA වෙනුවට CTA (Counter Terrorism Act) කියලා අලුත් පිටපතක් ලියවුනාට ඒක බලගැන්වුණේ නැහැ. යහ පාලන ආණ්ඩුව PTA එක අයින් කරනවා කියලා පොරොන්දු වුණාට ඒක පොරොන්දුවක් විතරක් වුනා. 2019 පාස්කු ප්‍රහාරයත් එක්ක PTA ආයෙත් අලුතින් පණ ගහලා ආවා.
2024 අලුත් NPP ආණ්ඩුව බලයට ආවේ PTA ඇතුළු සියලු මර්දනකාරී නීති ඉවත් කරනවා කියලා කියාගෙන. PTA වෙනුවට PSTA (Protection of the State from Terrorism) වෙස් මාරු කරගෙන එන්නෙත්, PTA පරණ බිල්ලාම තමයි. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතත් ( POCA) එවැනිම එකක්. මේ පනත් වල ‘නමින් කියවෙන’ ත්‍රස්තවාදය වැළැක්වීම වත්, සංවිධානාත්මක අපරාධ වැළැක්වීම වත් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. 2019 පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ PTA බලාත්මකව තියෙද්දී.
අධිකරණ ක්‍රියාවලියකින් තොරව පොලිසිය වැනි ආයතනයකට අධිකරණ බලතල පැවරෙන විදිහේ නීති රීති අනපනත් ගෙනෙනවා කියන්නේ නීතියේ සළු පිලි පොරවාගෙන අනීතික වැඩ කිරීමේ අවසරය පොලිසියට පැවරීම. කුඩු ගහනවා කියලා අල්ලන් ගිය කොල්ලො පොලිසියේදී මැරුම් කන රටක තව මොන කතාද ?
“PTA අහෝසි කරනවා කියූ ආණ්ඩු එකක්වත් ඒක කළේ නෑ, කරන්නෙත් නෑ”
72 වෙනකල් තිබ්බ සොල්ස්බ්රි ව්‍යවස්ථාව වෙනස් කරලා ජනරජ ව්‍යවස්ථාවක් කියලා එකක් ගෙනල්ලා 75 දී තියන්න තිබ්බ ඡන්දය 77 වෙනකල් කල්දාපු එකේ වන්දිය සිරිමා බණ්ඩාරනායක ගෙව්වේ ආයෙ 94 වෙනකන් හොල්ලන්න බැරි වුන ආණ්ඩුවකට (UNP එකට) බලය දීල.
78 ව්‍යවස්ථාවෙන් හඳුන්වල දීපු ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියලා බලයට ආපු කවුරුවත් ඒක වෙනස් කළේ නෑ. 79 දී තාවකාලික පනතක් විදිහට ගෙනල්ලා ස්ථිර කරපු PTA අහෝසි කරනවා කියපු ආණ්ඩු එකක්වත් එහෙම කළෙත් නෑ, කරන්නෙත් නෑ. ඇයි මෙහෙම වෙන්නේ?
ආණ්ඩු බලය ලබාගන්න කිසි පක්ෂයක් කැමැත්තෙන් ආපහු ඒක දෙන්න සූදානම් නැහැ. මොන දහම් ගැටයක් දාලා හරි තමන්ගේ ධූර කාලය දික් කරගන්න තමයි බලන්නේ. මර්ධනකාරී රාජ්‍ය පාලන අණ පනත් තාවකාලික මුහුණුවරකින් පැමිණිලා ඒවා එම රාජ්‍යය තුළ පැළපදියන් වෙනවා ඇරෙන්න ආණ්ඩු පක්ෂය මාරු උනාට වෙන දෙයක් වෙන්නේ නැහැ.
ඒ හින්දා අපි දිගටම මේවාට විරුද්ධ වෙමු. ඒක අපේ අයිතියක්!
(ඒ වුනාට මුකුත් වෙන්නෙ නැති වග විතරක් හිතේ තියාගමු. ඒක අපේ මානසික සෞඛ්‍යයට හොඳයි.)
