අනුරට කල්පනා ශක්තිය නෑ! – සාගර

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනැවිත් ඔහුව ධුරයෙන් ඉවත් කර නිසි බුද්ධි මට්ටමක් හා කල්පනා ශක්තියක් ඇති පුද්ගලයෙක් රටේ ජනාධිපති ධුරයට පත් කරගැනීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

මාධ්‍ය හමුවක් අමතමින් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, වත්මන් ජනාධිපතිවරයාගේ කල්පනා ශක්තිය මේ වන විට සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් ඇති බවයි.

ජනාධිපතිවරයා රට මෙහෙයවන වැරදි ආකාරය හේතුවෙන් ඉදිරියේදී දැඩි අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය විය හැකි බව පෙන්වා දුන් ඔහු, මෙම ගමන මෙලෙසම අඛණ්ඩව පැවතුණහොත් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ටද ඉතා කනගාටුදායක හා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇති බව ඔහු සඳහන් කළා.

තවදුරටත් ඔහු ජනාධිපති ධුරයේ තබාගන්නවාද නැතහොත් මාලිමාවේ මන්ත්‍රීවරුන් විසින්ම දෝෂාභියෝගයක් ගෙනැවිත් ඔහුව ඉවත් කර බුද්ධිමත්, කල්පනාකාරී නායකයෙකු රටේ ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට කටයුතු කරනවාද යන්න එම මන්ත්‍රී කණ්ඩායම විසින්ම කඩිනමින් තීරණය කළ යුතු බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසුවා.

Author

Leave a Reply

Related Posts