පාර්ලිමේන්තුව මේ වනවිට ඉතා උණුසුම් වාද විවාද වලින් යුතු තත්වයකට පත්ව ඇති අතර ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට ඉඩ නොදීම හේතුවෙන්ය.
එම වරප්‍රසාද ප්‍රශ්නය බාරදීම සඳහා කථානායකවරයාගේ කාර්යාලයට පැමිණෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් කථානායකවරයා සිය කාර්යාලයේ සිට නැති අතර ඒ අනුව එම වරප්‍රසාද ප්‍රශ්නය එම කාර්යාලයේ නිලධාරියෙකුට බාරදී තිබේ.
ඉන්පසු කථානායකවරයා අද පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව දැන ගැනීමෙන් පසු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිට එම වරප්‍රසාද ප්‍රශ්නය බාරදී ඇති අතර එම වරප්‍රසාද ප්‍රශ්නය මතු කිරීම සඳහා ඔහු අවස්ථාව ලබා නොදීම නිසා මෙම උණුසුම් තත්වය ඇතිවිය.
නියෝජ්‍ය කථානායකවරයාගේ එම තීන්දුව ස්ථාවර නියෝගවලට පටහැනි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් මතු කළද ඒවා ප්‍රතික්ෂේප කළේය.
