ඇමති නලින්ද බොරු කියලා

ඊයේ (නොවැම්බර් 03) පැවති කැබිනට් මණ්ඩල තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස බොරු කී බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් රාජ්‍ය මුදල් නොවන බවට ඇමති නලින්ද ජයතිස්ස එම මාධ්‍ය හමුවේදී බොරු කී බවය.

එහිදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඇමති නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කළේ එම කාර්යාංශයේ මුදල් රජයේ මුදල් නොවන්නේද යන්නයි. ඒ සඳහා ඇමති නලින්ද ජයතිස්ස පිළිතුරක් ලබාදුන්නේ නැත.

එමෙන්ම එහිදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඇමති නලින්ද ජයතිස්සට කීවේ වෙනත් අයගේ ලණු කමින් ඒ ආකාරයට බොරු කියමින් සිය තත්වය නැති නොකරගන්නා ලෙසයි.

Author

Leave a Reply

Related Posts