පොකුරු බෝම්බ පිළිබඳ පනත් කෙටුම්පතක්

පොකුරු බෝම්බ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සම්මුතිය (ඔස්ලෝ සම්මුතිය) යටතේ වන බැඳීම් ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා නව සංශෝධන සහිතව ‘පොකුරු බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත’ සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අද (03) පැවති කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසා තිබේ.

ශ්‍රී ලංකාව විසින් 2018 පෙබරවාරි 28 වන දින පොකුරු බෝම්බ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියට (Convention on Cluster Munitions) අත්සන් තබන ලදී. එම සම්මුතියට අනුව වන ජාත්‍යන්තර බැඳීම් මෙරට නීතිය තුළ බලාත්මක කිරීම සඳහා අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමට මීට පෙර 2019 මාර්තු 19 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද මූලික පනත් කෙටුම්පතට අවස්ථා ගණනාවකදී ඉදිරිපත් වූ යෝජනා ඇතුළත් කරමින් එය යාවත්කාලීන කරනු ලැබීය.

එලෙස යාවත්කාලීන කරන ලද පනත් කෙටුම්පතට, මේ වන විට හඳුනාගෙන ඇති නව සංශෝධනයන් ද ඇතුළත් කරමින් පොකුරු බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රතිපත්තිමය අනුමැතිය මෙලෙස හිමිව ඇත.

Author

Leave a Reply

Related Posts