බස් රථයක ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් නීත්‍යනුකූල ක්‍රියාමාර්ග නොගැනීම සඳහා රුපියල් 20,000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු ජංගම පරීක්ෂක නිලධාරියෙකුට වසර 04ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 40,000ක දඩ මුදලක් ගෙවන ලෙස නියම කර තිබේ.
කොටුපිටිය ආරච්චිලාගේ රංජිත් කොටුපිටිය නමැති මෙම චූදිතට එරෙහිව අදාළ චෝදනා සම්බන්ධයෙන් කොළඹ අංක 06 මහාධිකරණයේ අධිචෝදනා 4ක් ගොනු කර ඇති අතර, එම චෝදනා 4ටම වරදකරු කරමින් මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් විසින් මෙම සිර දඬුවම නියම කර ඇත.
