දෙනවා කියූ කන්ටේනර් වාර්තාව අපිට ලැබුනේ නෑ – මුජිබර් රහුමාන්

භෞතික පරික්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් කොළඹ වරායෙන් පිටකිරීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව මුද්‍රණය සඳහා යොමුකර ඇතැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර මාධ්‍යයට ප්‍රකාශ කර ඇතත් එම කාරක සභාව නියෝජනය කරනු ලබන විපක්ෂයේ නියෝජිතයින් ඒ පිළිබඳ දැනුවත් කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

සකස් කරනු ලබන අවසන් වාර්තාව මුද්‍රණයට පෙර විපක්ෂයේ නියෝජිතයින්ට ලබාදී ඔවුන්ගේ අදහස්ද ඊට ඇතුළත් කරන බව ඇමති හර්ෂණ නානායක්කාර එකඟ වූ බවද, මෙතෙක් එම වාර්තාව විපක්ෂයේ නියෝජිතයින්ට ලබාදී නැති බවද රහුමාන් මන්ත්‍රීවරයා පවසයි.

කන්ටේනර් පිටකිරීම සම්බන්ධයෙන් නිලධාරි කණ්ඩායමක් විසින් සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධයෙන් සොයා බලන්නට පාර්ලිමේන්තු කාරක සභාවක් ඉල්ලා සිටියේ තමන් බවද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

Author

Leave a Reply

Related Posts