රජයට රුපියල් 7,973,114.50ක පාඩුවක් සිදු කරමින් බාහිර පාර්ශ්වයකට අයුතු වාසියක් ලබා දීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කිරීමේ චෝදනාව මත සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ගාමිණී කිත්සිරි ඩයස් අමරවර්ධන අද (නොවැම්බර් 2) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිල දී ගැනීමේ දී, නිසි ප්‍රමිතියෙන් යුතු අවම මිල ගණන් ඉදිරිපත් කරන පුද්ගලික සමාගමකින් මිල දී නොගෙන, චෙනත් පුද්ගලික සමාගමකින් මිලදී ගැනීම සඳහා කටයුතු කර ඇති බවට ඔහුට එරෙහි චෝදනා එල්ල වී තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
