හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව නම් කර සිටි සමාජ ක්රියාකාරී පියත් නිකේෂල සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජේ. ශ්රී රංගා ඇතුළු සැකකරුවන් හයදෙනෙකු නීතිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කර තිබේ.
2022 මැයි මාසයේ පැවැති ජන අරගලය අතරතුරදී කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් මෙම පිරිස සැකකරුවන් ලෙස නම් කර තිබිණි.
අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී, පියත් නිකේෂල සහ ජේ. ශ්රී රංගා ඇතුළු ඉතිරි සැකකරුවන් හයදෙනා නිදහස් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම නඩුව සම්බන්ධයෙන් මීට පෙරද නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකරුවන් කිහිපදෙනෙකු නිදහස් කිරීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව, නඩුවට අදාළව සැකකරුවන් ලෙස නම් කර සිටි පුද්ගලයන් 29 දෙනාටම පනවා තිබූ විදේශ ගමන් තහනමද ඉවත් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
