කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම 2026 ඔක්තෝබර් 8 වනදා පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ කර ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාවට විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව අත්සන් තබා ඇත.
මෙහිදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන අර්චුනා රාමනාදන්, දයාසිරි ජයසේකර, චමින්ද විජේසිරි, චාමින්ද්‍රාණි කිරිඇල්ල, චාමර සම්පත් දසනායක සහ චානක සම්පත් මාධුගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමට එක්ව සිටියහ.
කථානායකවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව සඳහා චෝදනා 49ක් පමණ ඇතුළත් කර ඇති බව පැවසෙන අතර
අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාව හෙට (ඔක්තෝබර් 9), එනම් ලබන සිකුරාදා පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.
මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි පාර්ලිමේන්තු සතියේදීම එය විවාදයට ගැනීමටද විවාදය දින දෙකක් පවත්වන ලෙස ඉල්ලීමටද විපක්ෂය බලාපොරොත්තු වන බව වාර්තා වේ.
