“අපේ ආණ්ඩුවේ” තොරතුරු ලේක් හවුස් දෙන්න බෑ කියයි

සිළුමිණ පුවත්පතේ 2026 සැප්තැම්බර් 20 වැනිදා පළ වූ “අපේ ආණ්ඩුව” නම් වෙළඳ දැන්වීම සහ අතිරේකය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ඉල්ලු තොරතුරු ලබාදීම ලේක් හවුස් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එම තොරතුරු ඉල්ලීම මගින් විමසා ඇත්තේ “අපේ ආණ්ඩුව” වෙළඳ දැන්වීම සහ අතිරේකය ලේක් හවුස් ආයතනය විසින් ගාස්තු අය කර ප්‍රකාශයට පත් කර තිබේද යන්න පිළිබඳවය.

එසේ ගාස්තු අය කර ප්‍රකාශයට පත් කර ඇත්නම් ඒ සඳහා අය කළ මුදල කොපමණද යන්න ද ඉල්ලීම මගින් විමසා ඇත.

එමෙන්ම, මෙම දැන්වීම සහ අතිරේකය ප්‍රකාශයට පත් කිරීම සඳහා ලේක් හවුස් ආයතනය වෙත ඇණවුම් ලබාදුන් පුද්ගලයා හෝ ආයතනය එහි ලිපිනය හා ඊට අදාළ අනෙකුත් තොරතුරු පිළිබඳවත් තොරතුරු ඉල්ලා තිබේ.

මෙම තොරතුරු ඉල්ලීම Whatnews ආයතනයේ මාධ්‍යවේදී පසිඳු සඳරුවන් විසින් සිදුකර තිබූ අතර එම ඉල්ලීම ලේක් හවුස් ආයතනයේ තොරතුරු නිලධාරි සුමිත් කොතලාවල විසින් 2026 ඔක්තෝබර් 01 දින ලිපියක් යොමු කරමින් ප්‍රතික්ෂේප කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading