ගලගොඩඅත්තේ ගැන එජාපයත් හඬා වැටෙයි

ගලගොඩඅත්තේ ඥානසාරට ජනාධිපති සමාව ලබාදුන්නේ මහනායක හිමිවරුන් කළ ඉල්ලීමක් මත බැවින් එය වෙනස් වූයේ කෙසේද යන්න හා ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය නඩු කටයුත්තක් ලෙස ක්‍රියා කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ගලගොඩඅත්තේ ඥානසාරගේ සිවුර ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය මහනායක හිමිවරුන්ගේ අදහස් ලබාගත යුතුව තිබුණ බවද, ඉන් අනතුරුව කරන්නේු කුමක්ද යන්න තීරණය කළ යුතුව තිබුණ බවද, මේ මගින් බුද්ධාගම හා ආගමික නිදහස අභියෝගයට ලක්වන බවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 හා 10 වගන්ති උල්ලංඝනය කර ඇති බවද එහි සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම කරුණ සම්බනක්ධයෙන් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණි පසු නීතිමය පසුබිමද ඇතුළත්ව සවිස්තර ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Author

Related Posts