ශිරන්ති අධිකරණයට

සිරිලිය සවිය’ මූල්‍ය වංචා විමර්ශන වලට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (07) උදෑසන අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

‘සිරිලිය සවිය’ සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිගණකගත CT ස්කෑනර් යන්ත්‍රයක් ලබාදෙන බව පවසමින්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලින් අදාළ යන්ත්‍රය ලබා නොදී රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමෙන් දූෂණය සහ පොදු දේපළ පනත යටතේ වන වැරදි සිදුකිරීමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගෙන ඇත. ‘සිරිලිය සවිය’ ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන පවත්වන අතර, කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවසකදී පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකෙරිණි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක් ‘සිරිලිය සවිය’ වෙත ලබාදුන් බව සහ එය රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදීම සඳහා වූ මුදලක් බවට සඳහන් විය. එම මුදලින් එවැනි යන්ත්‍රයක් මිලදීගෙන ඇති බව මෙතෙක් විමර්ශනයෙන් තහවුරු වී නොමැති බවද වාර්තා වී තිබිණි. එවකට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා වූ ප්‍රදීප් කාරියවසම්ගෙන්ද FCID නිලධාරීන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන අත් අඩංගුවට ගන්නා ලදී.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading