ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදී තිබූ සුඛෝපභෝගී වාහනයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම සහ මහජන භාර මූලධර්මය උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්තැම්බර් 29) තීන්දු කර තිබේ.
ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 66ක මුදලක් වන්දි වශයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.
එමෙන්ම අදාළ වාහනයේ ඡායාරූපයක්ද සහිතව සමාව ඉල්ලා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් පළ කරන ලෙස හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.
