රේණුක පෙරේරාට ඇප

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 29) නියෝග කර තිබේ.

නීතිවිරෝධී ලෙස බස්රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර ලබාදීමේ සිද්ධියකට අදාළව රේණුක පෙරේරා මහතා පසුගිය 17 වැනිදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන සහ 2014 සැප්තැම්බර් 19 වැනිදා අමාත්‍ය මණ්ඩල තීරණයේ නිර්දේශවලට පටහැනිව දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව නිකුත් කිරීම සහ අදාළ අවසරපත් සඳහා වාර්ෂික ගාස්තු එකවර අයකර නොගෙන බලපත්‍ර නිකුත් කිරීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading