ඥාණසාර හිමිගේ ජනාධිපති සමාව අහෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, අභියාචනාධිකරණය නියම කළ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක විය යුතු බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ පෙත්සමක් අද (29) දිනයේදී අභියාචනාධිකරණය ඉදිරියේ විභාගයට ගන්නා ලදී.
එහිදී නඩුව අද උදෑසන 10ට විභාගයට ගත් මොහොතේ ඉදිරිපත් වූ ඥාණසාර හිමිගේ නීතිඥයා වන ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ විසින් ඥාණසාර හිමි සැත්කමක් සිදුකොට විහාරයේ විවේක සුවයෙන් පසුවෙන බවත් මේ මොහොතේ, ඒ පිළිබඳ වෛද්‍ය වාර්තා නොමැති බවත් අධිකරණයට ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශය පිළිගත නොහැකි බවත්, ඥාණසාර හිමිට වරෙන්තු නිකුත් කරන ලෙසත් ඒ මොහොතේ නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
ඉන්පසුව නඩුව නැවත 12.30ට විභාගයට ගත අතර එහිදී ඥාණසාර හිමි වෛද්‍ය සහතික ඉදිරිපත් කර නොමැති බැවින් රෝගී තත්වය ගැන නිදහසට කරුණු පිළිගත නොහැකි බවත් අත් අඩංගුවට ගෙන ඔක්තෝබර් 1 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අභියාචනාධිකරණය නියෝග කළා.
නඩුව පළවැනිදා විභාගයට ගැනීමට නියමිතයි.
