ලබන වසරේ අයවැයට අදාළව ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති විසර්ජන පනත් කෙටුම්පත අනුව අඩුම මුදලක් වෙන්කර ඇත්තේ අනුර කරුණාතිලක ඇමති ධුරය දරන වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට වන අතර එම මුදල රුපියල් මිලියන 3700කි.
ඉන්පසු අඩුම මුදලක් වෙන්කර ඇත්තේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යටතේ ඇති කම්කරු අමාත්‍යාංශයට වන අතර ඒ රුපියල් මිලියන 7500කි.
ඉන්පසු පිළිවෙලින් අඩුම මුදලක් වෙන්කර ඇත්තේ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන අමාත්‍ය ධුරය දරන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට රුපියල් මිලියන 7600ක් වශයෙන් හා රාමලිංගම් චන්ද්‍රසේකර් අමාත්‍ය ධුරය දරන ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයට රුපියල් මිලියන 11,700ක් වශයෙනි.
