කරන්නාගොඩ සහ යෝෂිතට එරෙහි නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට කැඳවීමට නියෝග

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබෙන දූෂණ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (17) නියෝග කර තිබේ.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී දැනට ඇප මත මුදාහැර සිටින විත්තිකාර වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිට තිබේ. ඉදිරිපත් වූ කරුණු හා ලේඛන සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත.

අවශ්‍ය නිසි සුදුසුකම් සපුරා නොතිබියදී, යෝෂිත රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍යයේ පිහිටි ප්‍රකට රාජකීය නාවික හමුදා විද්‍යාලයේ’ (Britannia Royal Naval College) විශේෂ පුහුණු පාඨමාලාවක් සඳහා යැවීමට කටයුතු කිරීම තුළින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකර දූෂණය නමැති වරද සිදුකර ඇති බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.

එහිදී එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩ බලතල අභිබවා කටයුතු කළ බවටත්, එමඟින් යෝෂිත රාජපක්ෂ අයුතු ලාභයක් ලබාගත් බවටත් අල්ලස් කොමිසම අධිචෝදනා ගොනුකර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading