විනිසුරුවරුන් බදුවලට යටත්; ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

මහාධිකරණ, දිසා අධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්චය සභා නියෝජනය කරනු ලබන විනිසුරුවරුන් ආදායම් බදු ගෙවීමට යටත් වන බවත් හා ඔවුන්ගේ වේතනයෙන් දේශීය ආදායම් පනත යටතේ අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (්ඡෂඔ) අය කිරීම නීත්‍යානුකූල බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ (සැප්තැම්බර් 16) එම තීන්දුව ලබාදී ඇත.

ඒ විනිශ්චයකාරවරුන් නියෝජනය කරන සංගම් තුනක් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා තුනක් නිශ්ප්‍රභ කරමින් වන අතර මහාධිකරණ විනිසුරුවන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන් හා කම්කරු විනිශ්චය සභාවල සභාපතිවරුන් නියෝජනය කරමින් එම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර ඇත.

එම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇත්තේ ඊට පෙර ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ රිට් පෙත්සම් තුනක් නිශ්ප්‍රභ කරමින් ලබාදුන් තීන්දුවකට එරෙහිවය.

ඒ සම්බන්ධයෙන් වන තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ජනක් ද සිල්වා විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ නීතියෙන් පනවන ලද බදු පොදු අදාළත්වයකින් යුක්ත වන, වෙනස්කම් කිරීමකින් තොර සහ විශේෂයෙන් විනිසුරුවරුන් හා අධිකරණය ඉලක්ක කර නොගත් එකක් වන විට අධිකරණ නිලධාරීන්ද එම බදු වලට යටත් වන බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading