නැගෙනහිර පළාතේ අනවසර ඉඩම් අත්කර ගැනීම් ගැන වාර්තාවක්

නැගෙනහිර පළාතේ රජයේ ඉඩම් අනවසරයෙන් අත්කර ගැනීම හා අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් මාස දෙකක කාලයක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස නැගෙනහිර පළාත් ඉඩම් ආරක්ෂා කිරීම සඳහා පත්කර ඇති කමිටුවට උපදෙස් ලබාදී ඇත.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්තැම්බර් 16) ජනාධිපති කාර්යාලයේදී එම කමිටුවේ සාමාජිකයන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් ගෙන්වා කරන ලද සාකච්ඡාවේදී එම උපදෙස් ලබාදීම සිදුකර ඇත.

මීට අමතරව ආරුගම්බේ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් සම්බන්ධව ද අතුරු වාර්තාවක් ලබා ගැනීමට එහිදී තීරණය වී ඇත.

එම සාකච්ඡාව සඳහා නැගෙනහිර පළාත් ඉඩම් කමිටුවේ සභාපති සේනක පල්ලියගුරුගේ ඇතුළු එම කමිටු සාමාජිකයන්ද, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යකු්ෂ ජනරාල් මහාචාර්ය පී බී ටර්නි ප්‍රදීප් කුමාර, වන සංරක්ෂණ ජනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එම් පී එස් සී පාලමකුඹුර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න යන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද සහභාගි වී ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading