පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පසුගියදා කොළඹ වරායේදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අභ්‍යන්තර විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.
එම නිවේදනයේ සඳහන් වන්නේ පාකිස්ථානයේ සිට බහලුම් 02ක සඟවා මෙරටට ආනයනය කළ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ඒ ආකාරයට පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව අභ්‍යන්තර විමර්ශනයක් පවත්වන බවයි.
එම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමේ විමර්ශනයේදී යම් අඩුපාඩු හා පැහැර හැරීම් නිරීක්ෂණය වූ බැවින් එම අභ්‍යන්තර විමර්ශනය සිදුකරන බවද, එය එම බහලුම් 02 සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකරන විමර්ශනයට එම අභ්‍යන්තර විමර්ශනය බාධාවක් නොවන බවද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
