රන් ආලේපිත ගිනි අවියක් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට සහ විත්තිකාර කාන්තාවකට කොළඹ මහාධිකරණය හමුවේ අද (10) අධිචෝදනා භාර දී තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේදී මෙම අධිචෝදනා පත්‍ර භාරදීම සිදු කර ඇති අතර අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව, රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකාර හිටපු අමාත්‍යවරයා ඇතුළු දෙදෙනා මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.
මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ඔක්තෝබර් මස 02 වැනිදා කැඳවීමටද අධිකරණය වැඩිදුරටත් නියම කර තිබේ.
