IMF නියෝජිත පිරිසක් අද දිවයිනට – හත්වන සමාලෝචනය ආරම්භ වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ නියෝජිත පිරිසක් අද (10) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ හත්වන සමාලෝචනය සිදු කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව පැවසේ.

ශ්‍රී ලංකාව සඳහා වන IMF දූත මණ්ඩල ප්‍රධානී ඊවන් පැපජෝර්ජියෝගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නිලධාරී කණ්ඩායම අද සිට සැප්තැම්බර් 23 වන දින දක්වා දින 14ක කාලයක් මෙරට රැඳී සිටිනු ඇත.

මෙම සංචාරය අතරතුරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ශ්වකරුවන් හමුවී විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා වන ප්‍රතිසංස්කරණ, මූල්‍ය ප්‍රතිපත්ති සහ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කිරීමට නියමිතව ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading