බන්ධනාගාරයේ ඉඳලා පාර්ලිමේන්තු එන්න ඉල්ලපු නාමල්ට නිල දැනුම්දීමක්!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස කළ ඉල්ලීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

අදාළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇති අතර ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස ඇය දැනුම් දී ඇත.

මෙම තත්ත්වය මත හෙට (08) සිට ලබන 11 වැනි දින දක්වා රැස්වීමට නියමිත පාර්ලිමේන්තු සභා වාරය සඳහා හෙට දිනම ඔහු පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ඇති බවට වාර්තා වනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලසක් ලබාගත් බවට සැකපිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය මගින් පසුගිය සැප්තැම්බර් 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading