(අසේල කුරුළුවංශ)
පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ වැසිකිළියක කම්බි කූරු කපා පළා යෑමට උත්සහා කර තිබෙන බවට ඇතිවූ සැකයක් මත එම බන්ධනාගාරයේ මරණ දණ්ඩනය නියමව සිටි රැඳවියන් හය දෙනෙකු ඩ හා අඟුණකොළ පැලැස්ස බන්ධනාගාර වෙත මාරුකර යවා ඇත.
මරණ දණ්ඩනය නියමවූ පුද්ගලයින් රඳවා සිටින කාමරයට අයත් වැසිකිළියේ කම්බි කූරු කිහිපයක් කපා තිබෙනු නිරීක්ෂණය වීමෙන් පසු බන්ධාගාර නිලධාරින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර තිබේ.
එහදී මෙම කම්බි කූරු කැපීමට රැඳවියන් හය දෙනෙකු සම්බන්ධ බවට හඳුනාගෙන ඇත.
මේ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ රැඳවියන් හය දෙනා අතරින් සිව් දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයටද දෙදෙනෙකු අඟුණකොල පැලැස්ස බන්ධනාගාරයටද අද (20) මාරුකර යවා තිබේ.
