මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නීතිඥ සංගමය නොපැමිණෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීමක් අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අද (අගෝස්තු 20) පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහනට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහභාගි නොවන බව එහි සභාපති නීතිඥ රජිව් අමරසූරිය පවසා ඇත.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සියල්ලන් කැඳවා මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උත්සාහ දැරූ අතර එයට විරෝධය පළකරමින් ආණ්ඩු පක්ෂය ඊයේ ප්‍රකාශ කළේ ඔවුන් ඒ සඳහා සහභාගි නොවන බවයි.

එමෙන්ම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයක් නොමැතිව ඒ ආකාරයට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් එවැනි දැනුවත් කිරීමේ වැඩසටහනකට කැඳවීමට විපක්ෂ නායකවරයාට බලයක් නැති බව සභානායක බිමල් රත්නායක ප්‍රකාශ කරනු ලැබීය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading