ශිරාන් බාසික්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන ශිරාන් බාසික්ට අයත් සියලුම බැංකු ගිණුම් පරීක්ෂා කර අදාළ වාර්තා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබේ.

ශිරාන් බාසික් සම්බන්ධයෙන් පොලිසිය ඊයේ (19) අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඉකුත් මාර්තු මාසයේදී ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු ශිරාන් බාසික්, පසුගිය අගෝස්තු 14 වැනිදා මෙරටට රැගෙන එනු ලැබීය. දැනට සැකකරු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇති අතර, ඔහුගේ ජාවාරම් ජාලය සහ අයථා මුදල් ඉපයීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොලිසිය කළ ඉල්ලීමකට අනුව මෙරට ප්‍රධාන දුරකථන සමාගම් තුනකට ද නියෝග නිකුත් කර තිබේ.

එසේම, විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අවසර ඉල්ලූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත්තේ මෙම අධිකරණයෙන් සලකා බලනු ලබන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ කරුණු පමණක් බවයි. සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන්නේ නාරාහේන්පිට පොලිස් බලප්‍රදේශයේ බැවින්, ඔහුට අදාළ ඉදිරි කරුණු අංක 03 මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළද ඔවුන් නිසි ලෙස ඉදිරිපත් කළ යුතු අධිකරණය පිළිබඳව පොලිසිය දැනුවත් වී නොසිටීම සම්බන්ධයෙන්ද සිය අප්‍රසාදය පළ කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading