ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරේ

1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල පනත යටතේ පිහිටුවන ලද ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම පිළිබඳ යෝජනාවක් කම්කරු ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

එම යෝජනාව අද (අගෝස්තු 18) පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති අතර ඒ 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ඇමතිවරයාට විධාන කිරීමට ඇති බලය යටතේය.

ඒ අනුව පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ඉල්ලා ඇත්තේ ශ්‍රම වාසනා අරමුදල ගණන් බේරා වසා දැමීමේ කාර්ය සඳහා ඈවරකරුවකු හෝ ඈවරකරුවන් ලෙස තැනැත්තන් හෝ තැනැත්තකු පත්කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

එම යෝජනාව සම්බන්ධයෙන් ඇමති මණ්ඩලයේ අනුමැතිය ද හිමිවී තිබේ.

Author

Related Posts