ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඕමානයේ සැඟව සිටි රතු නිවේදන නිකුත් කර සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වන දිමුත් චතුරංග පෙරේරා නොහොත් සමිට්පුර චතූ අද (අගෝස්තු 18) රටට රැගෙන විත් ඇත.
සැකකරු වයස අවුරුදු 28ක් වන කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහුට එරෙහිව සංවිධානාත්මක අපරාධකරුවකු වන ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීම, මට්ටක්කුලිය පොලිස් වසමේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම හා ජීව අත්බෝම්බයක් සන්තකයේ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මගින් නීතී විරෝධී ලෙස උපයාගෙන ඇති බවට සැකකෙරෙන වත්කම් පිළිබඳ ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිත බව හා කොළඹ දිසා අපරාධ කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.
