රජයට පවරාගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු, කතෝලික ධර්මය සඳහා ගුරු කාර්ය මණ්ඩල සම්බන්ධ ක්‍රමවේදයක් සකස් කිරීම හා ගුරු වෘත්තීය සඳහා කතෝලික පියතුමන්ලා හා පූජක සොහොයුරියන් බඳවා ගැනීම සම්බන්ධයෙන් කතෝලික සභාවේ නියෝජිතයන් හා ආණ්ඩුව අතර සාකච්ඡාවක් පවත්වා ඇත.
අද (අගෝස්තු 13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාව විද්‍යා හා තාක්ෂණ ඇමති ක්‍රිෂාන්ත අබේසේනගේ හා ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායකගේ සම සභාපතිත්වයෙන් පවත්වා ඇති අතර ඒ සඳහා කතෝලික සභාව නියෝජනය කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්, රදගුරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා, රදගුරු විමල් සිරි ජයසූරිය,රදගුරු මැක්ස්වෙල් සිල්වා ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ එම සාකච්ඡාව පැවැත්වීම සම්බන්ධයෙන් කතෝලික සභාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායෙකට ස්තූතිය පළකරන බව කාදිනල් මැල්කම් රංජිත් හිමි ප්‍රකාශ කළ බවයි.
මෙම සාකච්ඡාවේ සම සභාපතිත්වය දැරූ විද්‍යා හා තාක්ෂණ ඇමති ක්‍රිෂාන්ත අබේසේන වත්තල නායකකන්ද බාලිකා විද්‍යාලය සඳහා රජය අයදුම්පත් කැඳවා ගිහි විදුහල්පතිනියක් පත්කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ විරෝධතාවලට සහභාගි වූ අයකු වන අතර ඔහුගේ මතය වන්නේ රජයට පවරාගත් කතෝලික පාසල්වලට සුදුසුකම් රහිතව හෝ කතෝලික පැවිදි පිරිස් පත්කළ යුතු බවයි.
