පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉල්ලීම මත දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා සමස්ත චීන කාන්තා සම්මේලනය විසින් ප්‍රදානය කරන ලද භාණ්ඩ තොගය නිශ්කාශනය කිරීම සඳහා එම භාණ්ඩ තොගයේ වටිනාකමට ආසන්න මුදලක් වැය වී ඇතැයි අනාවරණය වේ.
ඒ බව අනාවරණය වන්නේ 2025 වර්ෂයට අදාළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තුවේ කාර්ය සාධන වාර්තාව අනුවය.
එම වාර්තාවට අනුව සමස්ත චීන කාන්තා සම්මේලනය විසින් ප්‍රදානය කරන ලද භාණ්ඩ තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 27 (රු. 27,004,150) ක් වී ඇති අතර එම භාණ්ඩ සඳහා නිශ්කාශන ගාස්තු, රේගු බදු හා අනිකුත් වියදම් වෙනුවෙන් ආසන්න වශයෙන් රුපියල් මිලියන 21 (රු. 21,213,164) ක් වැයකර ඇත.
මෙම වැය කිරීම් කර ඇත්තේ පාර්ලිමේන්තුව සඳහා වෙන්කරන ලද අයවැය ප්‍රතිපාදන මගිනි.
