මෙම වසරේ මේ දක්වා මාර්ග රිය අනතුරු හේතුවෙන් 1693 දෙනෙකු මියගොස් ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර අගෝස්තු 13 දින වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එම මාර්ග අනතුරුවලින් පදිකයින් 555ක්ද, යතුරු පැදි කරුවන් 603ක්ද, පසු පැදිකරුවන් 119ක්ද, පාපැදිකරුවන් 115ක්ද, රියදුරන් 136ක්ද, මගීන් 162ක්ද මියගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි.
මෙම කාලය තුළ මාර්ග රිය අනතුරු 1605ක් සිදුවී ඇති අතර බරපතල අනතුරු 3125ක් වාර්තා වී ඇත. සුළු අනතුරු 6478ක් සිදුවී ඇති අතර අලාභානි 237ක් සිදුවී ඇත.
නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කරන ආකාරයට පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මෙම කාල සීමාව තුළ යතුරු පැදි අනතුරු ඉහළ ගොස් ඇති අතර ඒ සඳහා හේතුවී ඇත්තේ අධික වේගයෙන් යතුරු පැදි ධාවනය කිරීම වේ. ඔහු ප්‍රකාශ කරන ආකාරයට රටතුළ ලියාපදිංචි වී ඇති මුළු වාහන සංඛ්‍යාව මිලියන 9.2ක් වන අතර ඉන් මිලියන 5.2ක්ම යතුරු පැදිය.
