මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවසාන නිගමනයක් හෝ එකඟතාවක් නොමැති බවත්, එම ජාවාරම පිළිබඳ බරපතලකම පිළිබඳ සාකච්ඡා කිරීමේදී එය සමහර පාර්ශවයන් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් හා අදහසක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස පවසා ඇත.
ඔහු ඒ බව පවසා තිබුනේ අගෝස්තු 11 දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී වන අතර ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 10 ජනාධිපති කාර්යාලයේ පැවති ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේදී මතුවී තිබුණු එම කරුණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේදීය.
රටම එකට ජාතික මෙහෙයුම් සභාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ උධෘතය වශයෙන් සඳහන් කර තිබුනේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීම කෙරෙහි සභාවේ අවධානය යොමුවී තිබෙන බවයි.
මරණ දඬුවම යෝජනාවක් පමණයි- ඇමති නලින්ද ජයතිස්ස
