මහානායකලට දුක හිතිලා

(අසේල කුරුළුවංශ)

විනිසුරු කාලය දීර්ඝ කිරීම සම්බන්ධ මතය දන්වමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා යොමු කළ ලිපියට මෙතෙක් රජය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් කණාගාටු වන බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.

රටේ ජාතික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මහනායක හිමිවරු ජනපතිවරයාට හෝ රාජ්‍ය පාලකයින්ට ලිපියක් යොමු කළ විට ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දෙන බවත් මෙම ලිපියට පිළිතුරක් තබා ලැබුණු බව හෝ දැනුම් දී නොමැති බවත් උන්වහන්සේ කීහ.

ජත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක නියෝජිත පිරිසක් හමුවේ අද (12) මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ බව පැවසූහ.

මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා මෙම ගැටලුව සම්බන්ධයෙන් තම මතය දන්වමින් ලිපියක් යොමුකර තිබියදී ඇතැම් මැති ඇමැතිවරු එවැනි ලිපියක් ලැබී නොමැති බව ප්‍රකාශ කරනු මාධ්‍ය මගින් දැක ගැනීමට ලැබුණු බවත් මේ වනවිට සිදුවෙමින් පවතින ඇතැම් දේ සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවන බවත් උන්වහන්සේ කීහ.

විපක්ෂයේ සිටියදී කියන දේවල් පාලක පක්ෂයට ආපසු සියලු දෙනාට අමතක වන බවත් කිසිදු විෂයක් සම්බන්ධයෙන් රටට ගැලපෙන ප්‍රතිපත්ති සකස් නොවීම රටේ ඉදිරි ගමනට බාධාවක් බවත් සුමංගල මහනාමියෝ අවධාරණය කළහ.

Author

Related Posts