පොලිස් නිලධාරින්ට මරණ තර්ජන සිදුකරමින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිරදඬුවම් නියම වී සිටින සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ ඇප ඉල්ලීම සලකා බැලීම අගෝස්තු 24 වැනිදාට නියම කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම අගෝස්තු 05 වැනිදා බදුල්ල මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී එම නියම කිරීම කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් ඔහුගේ සිර දඬුවමට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනයට යටත්ව එම ඇප ඉල්ලීම සිදුකර ඇති අතර අභියාචනයට යටත්ව ඇප ඇයැදීමට හා නඩු ථීන්දුව අභියාචනාධිකරණයේදී අභියෝගයට ලක්කිරීම ව්‍යවස්ථාදායක අයිතියක් බව එහිදී බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි ප්‍රකාශ කර තිබේ.
