ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ අනුමැතිය ලබාදුන් රක්නා ආරක්ෂක ලංකා කුළුණු ව්‍යාපෘතිය මගින් රු. මිලියන 226 (226, 547, 736.11) කට ආසන්න මුදලක් රජයට පාඩු වී ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණ විය.
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රගීත් මධුරංග මහතා (අගෝස්තු 4) වැනි දින අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.
2021 මැයි මස 24 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගනිමින් මෙම ව්‍යාපෘතිය වාණිජමය ස්වරූපයෙන් ආරම්භ කර තිබුණද, 2022 අප්‍රේල් 27 දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යොමු කරන ලද ලිපියකින් අනතුරුව මෙම ව්‍යාපෘති කටයුතු අත්හිටුවා ඇත.
2026 මාර්තු 31 දින වන විට මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර ඇති මුළු මුදල රු. බිලියන 2.5 ඉක්මවා ඇති අතර, සමාගම සතුව පවතින තොරතුරුවලට අනුව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර කිසිදු වෙළඳපොළ සමීක්ෂණයක්ද සිදු කර නැත.
යම් ව්‍යාපෘතියක වටිනාකම රු. බිලියන 5 ඉක්මවන අවස්ථාවකදී කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව සහ තාක්ෂණ ඇගයීම් කමිටුවේ නිර්දේශ කැබිනට් අනුමැතියට පෙර ලබාගත යුතු වුවත්, එවැනි නිර්දේශයක් හෝ කැබිනට් අනුමැතියක් ලබා ගැනීමට ක්‍රියා කර නොමැති බව වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
