ප්‍රසන්නට එරෙහි විමර්ශනයේ ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙස නියෝග

හිටපු ඇමති ප්‍රසන්න රණතුංගට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝබර් 20 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියම කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන නඩුව අද (අගෝස්තු 04) කැඳවනු ලැබූ අවස්ථාවේදී වන අතර එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම එම විමර්ශන සම්බන්ධයෙන් වන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී හිටපු ඇමති ප්‍රසන්න රණතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ජර්මනියට හා ඩුබාහි රාජ්‍යයට යෑමට ඇති බැවින් සිය සේවාදායකයාට වීසා ලබා ගැනීම සඳහා ඇපමත මුදාහැර තිබෙන විදේශ ගමන් බලපත්‍රය තවදුරටත් ඔහු භාරයේ තබාගැනීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර එයට මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබේ.

Author

Related Posts