යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝට තවදුරටත් සේවා දිගුවක් ජනාධිපතිවරයා ලබානොදීම හේතුවෙන් ඔහු විශ්‍රාම යෑමට නියමිතය.
ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝට යුද හමුදාපති ධුරයට පත්කිරීමෙන් පසු ඔහුගේ වයස අවුරුදු 55 සම්පූර්ණවීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් වසරක සේවා දිගුවක් ලබාදුන් අතර එය ජුලි මස 31 වැනිදා අවසන් වීමට නියමිතය. 1970 වසරේ අගෝස්තු 01 වැනිදා උපන් ඔහුට ලබාදුන් සේවා දිගුව ඒ අනුව එම දිනෙන් අවසන් වීමට නියමිත අතර ඔහු හමුදාපති ධුරයට පත්කරන ලද්දේ 2024 දෙසැම්බර් 31 දිනය.
ඔහුගෙන් හිස්වන හමුදාපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් තවත් යුද හමුදා නිලධාරියකු පත්කිරීමට නියමිතය.
