වසර එක හමාරක සිර දඬුවම් නියම වූ සජබ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි බදුල්ල මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
එම අභියාචනය විභාග කර තීන්දුවක් දෙන තුරු තමන් ඇප මත මුදාහරින්නැයි ඉල්ලමින් ඔහු ඇප අයදුම්පතක්ද ගොනු කර ඇත.
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල කර මරණීය තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් බදුල්ල මහාධිකරණය විසින් පසුගිය අඟහරුවාදා (ජූලි 28) ඔහුට මෙම සිර දඬුවම නියම කරන ලදී.
