අපරාධකරුවන්ගේ මුදල් විශුද්ධිකරණය කළ හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට

බැංකු ගිණුම වෙත නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මුදල් ගිණුම්ගත කර එම මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව මත මෙහොට්ටි ආරච්චිලාගේ ලහිරු ප්‍රමෝද් නම්වූ වැඩ තහනමට ලක්වූ හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන ඇත.

ජුලි 30 දින දහවල් අත්අඩංගුවට ගෙන ඇති ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ඔහුට එරෙහි චෝදනාව වන්නේ උප පොලිසු් පරීක්ෂකවරයකු ලෙෂ සේවය කරමින් සිටියදී සැකකරුවන්, පැමිණිලිකරුවන්, විත්තිකරුවන් සහ අපරාධ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් සමඟ සබඳතා පවත්වමින් බැංකු ගිණුම් වෙත නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මුදල් ගිණුම්ගත කර එම මුදල් විශුද්ධිකරණය යන චෝදනාවයි.

Author

Related Posts