කාදිනල් හිමිගේ සේවය අවසන් කිරීම පාප් වහන්සේගේ අභිමතය අනුව

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි කතෝලික සභා නීතිය අනුව වයස අවුරුදු 75 සම්පූර්ණ වූ අවස්ථාවේදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාප් වහන්සේ වෙත ඉදිරිපත් කර ඇති බවද, එහෙත් එම ඉල්ලා අස්වීම පිළිගැනීම හෝ සේවා කාලය දීර්ඝ කිරීම පිළිබඳ අවසන් තීරණය ගැනීම පාප් වහන්සේ සතුව පවතින බවද ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනය කර ඇත.


පාප් වහන්සේ විසින් එම ඉල්ලා අස්වීමේ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙන තෙක් කාදිනල් මැල්කම් රංජිත් හිමි විසින් සිය වගකීම් ඉටුකරමින් සිටින බවද රදගුරු සම්මේලනයේ එම නිවේදනයේ සඳහන් වේ.
කාදිනල් මැල්කම් රංජිත් හිමි 1947 උපත ලැබුවකු වන අතර කාදිනල් හිමිට වයස අවුරුදු 75 සම්පූර්ණ වූයේ 2022 වර්ෂයේදීය.


කතෝලික රදගුරු මණ්ඩලය එම නිවේදනය නිකුත් කර ඇත්තේ කාදිනල් හිමියන්ට හා සෙසු පියතුමන්ලාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා හරිමින් සිටින අසත්‍ය හා අපහාසාත්මක කරුණු හෙළා දැකීම සඳහාය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සත්‍යය සහ යුක්තිය ඉටුකර දීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් සහ කතෝලික සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සිය පූර්ණ සහයෝගය පළකරන බවද එහි සඳහන් වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading