සමාජ මාධ්‍ය කැලඹූ , කුලී රථ රියදුරු කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට…

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ වීඩියෝවක් නිසා දැඩි කතාබහකට ලක් වූ කුලී රථ රියදුරෙකු බියගන්වා මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ට සහාය දුන් තවත් අයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. බොරැල්ල සහ වැලිකඩ පොලිස් ස්ථාන ඒකාබද්ධව සිදුකළ මෙහෙයුම්වලදී මෙම සැකකරුවන් කොටුකරගෙන ඇත. අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා බොරැල්ල, ගෝතමී පාරේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන තරුණයන් වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (31) වැලිකඩ පොලිස් වසමේදී කුලී මෝටර් රථ රියදුරෙකු බිය ගන්වා රුපියල් 38,500ක මුදලක් කොල්ලකා පලාගිය සැකකරුවන් දෙදෙනෙකු, බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දිනයේම බොරැල්ල, ගෝතමීපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත. එහිදී එක් සැකකරුවෙකු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 600ක් සහ අනෙක් සැකකරු සන්තකයේ තිබී ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 360ක් සොයාගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී, ඔවුන් විසින් මෑතකදී සිදුකරන ලද තවත් රියදුරන් ඉලක්ක කරගත් කොල්ලකෑම් තුනක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී, ඔවුන් විසින් මෑතකදී කුලී රථ රියදුරන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද තවත් මහා පරිමාණ කොල්ලකෑම් තුනක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව, පසුගිය මැයි 29 වනදා රාජගිරිය දෙස සිට කලපලුවාව දෙසට ධාවනය වූ කුලී මෝටර් රථයකට ගොඩවී එහි රියදුරු බියගන්වා රුපියල් 80,000ක මුදලක් කොල්ලකා ඇති මොවුන්, එදිනම කලපලුවාව දෙස සිට ඔබේසේකරපුර දෙසට තවත් මෝටර් රථයකින් පැමිණ එම රියදුරා සතු රුපියල් 40,000ක මුදලක්, රන් මාලයක් සහ බ්ලූටූත් හෑන්ඩ්ස්ෆ්‍රී උපකරණ දෙකක් ද පැහැරගෙන තිබේ.

මීට අමතරව, ඉකුත් මැයි 07 වනදා බොරැල්ල ගෝතමීපුර ප්‍රදේශයේදී කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු කොටුකර ගනිමින් රුපියල් 3,000ක මුදලක් සහ ජංගම දුරකතනයක් කොල්ලකෑමේ සිද්ධියකට ද මෙම සැකකරුවන් සෘජුවම සම්බන්ධ බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading