ඇමරිකානු ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය රුපියල් 350 සීමාව අද (21) ඉක්මවා ගොස් ඇත.
රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවේ විදේශ මුදල් හුවමාරු තොරතුරු අනුව මැයි 21 වැනිදා පෙරවරු 10 වනවිට ඇමරිකානු ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් විකුණුම් හුවමාරු අගය රුපියල් 354.24 විය.
පසුගිය දිනවල ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අඩුවෙමින් පැවති අතර ඊයේ දිනයේදී එය රුපියල් 345 සීමාව ඉක්මවනු ලැබීය.
ගෝඨාභය රජපක්ෂගේ පාලන කාලයේදී ඇමරිකානු ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය රුපියල් 360 සීමාව ඉක්මවා ගිය අතර රටේ ආර්ථික අර්බුදයක් දක්වා එම තත්වය පැතිර ගොස් ජනතා විරෝධතා ඇති විය.

මුළු ආසියාවේම මුදල් ඒකක වල කඩා වැටීමක්
පිලිවෙලින් ඉන්දියාව ඉන්දුනීසියාව ලංකාව ….