මාකුඹුර, කඩවත ඇතුළු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පාලනයට සමාගමක්

මාකුඹුර, කඩවත හා ඉදිකෙරෙමින් පවතින බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන මෙහෙයවීම හා පරිපාලනය සඳහා සියයට සියයක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරයට හිමි සීමාසහිත පොදු සමාගමක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

ප්‍රවාහන විෂය භාර අමාත්‍යාංශය යටතේ එම පොදු සමාගම පාලනය කිරීමටත්, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල මෙහෙයුම් හා පරිපාලනයට අමතරව එම මධ්‍යස්ථානවල ප්‍රමිතිකරණය, ව්‍යාපාර සංවර්ධනය හා ජාතික මට්ටමේ ප්‍රතිපත්තිමය සම්බන්ධීකරණය එම පොදු සමාගම මගින් සිදුකිරීමටත් තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩල යෝජනාව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන වැඩ බලන ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර එයට ජුලි 27 පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී ඇත.

ඒ සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩල තීරණයේ සඳහන් කරන්නේ අනුරාධපුර හා මහනුවර යන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන දැනට ඉදිකෙරෙමින් පවතින බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading