මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ කාරක සභා නිලවරණයෙන් සජබ ප්‍රමුඛ හවුල් විපක්ෂ කණ්ඩායම විසින් ඊයේ (28) ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව, ප්‍රාදේශික 46ක් ආවරණය වන පරිදි නිලවරණයෙන් සභිකයින් 100 දෙනෙකු මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ නියෝජිතයන් ලෙස තෝරා පත්කරගෙන තිබේ.
මෙය ප්‍රාදේශික මට්ටමෙන් ලබා ගත් විශේෂ ජයග්‍රහණයක් බව සඳහන් කරමින් මතුගම ආසනයේ ප්‍රධාන සංවිධායක සෝබාත් විජේරත්න ප්‍රකාශ කර සිටියේ, මාලිමාව කෙරෙහි ජනතාවගේ කැමැත්තට සිදුව ඇති දේ පිළිබඳව මෙමගින් පෙනෙන්ට තිබෙන බවයි. එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම ඡන්ද ප්‍රතිඵලය මුළු මතුගම ආසනයේම ඡන්ද ප්‍රතිඵලය වනු ඇති බවයි.
