සංචාරක ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රදේශ කිහිපයක පිහිටා ඇති ජනාධිපති මන්දිර දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
දැනට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන එකී මන්දිර නඩත්තු කිරීම, ආරක්ෂාව සැපයීම හා අනෙකුත් වියදම් සඳහා රාජ්‍ය මුදල් සැලකිය යුතු ලෙස වැය කළ යුතුව ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව ඒ සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩල තීරණයේ දැක්වේ.
රජය සතු බංගලා, නිවාස සහ ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා පත් කර ඇති කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ජූලි 27 දින අනුමත කර ඇත.
බෙන්තොට, කතරගම, මහියංගනය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර යන ප්‍රදේශවල පිහිටා ඇති ජනාධිපති මන්දිර මේ යටතේ බදු දීමට නියමිතය.
