ක්‍රිප්ටෝ හෝ ඒ අකාරයේ ඩිජිටල් මුදල් ශ්‍රී ලංකාව තුළ තහනම් මුදල් ඒකක බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇතත් එම මුදල් නීත්‍යානුකූල කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ඒ ක්‍රිප්ටෝ ව්‍යවහාර මුදල් හෝ ඩිජිටල් ආකාරයෙන් වෙළෙදාම් කළ හැකි හෝ මාරු කළ හැකි ගෙවීම් හෝ ආයෝජන නියාමනය කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය හේතුවෙනි.
ඩිජිටල් ආර්ථික විෂය භාර ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ජුලි 27 පැවති කැබිනට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා නියාමන රාමුවක් ඇතිකිරීම සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් පත්කළ උප කමිටුවක් මගින් ලබාදුන් යෝජනා සැලකිල්ලට ගනිමින් එය ඉදිරිපත් කර ඇත.
එම උප කමිටුව යෝජනා කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් වන නියාමන බලධරයා ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව, මූල්‍ය බුද්ධි ඒකකය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව සම්බන්ධීකරණය කරන අධීක්ෂණ ව්‍යුහයක් තුළ එම නියාමනය සිදුවිය යුතු බවද එහිදී තීරණය කර ඇත.
